
හාලිඇල වැලිමඩ පාරේ 11km විතර ගියාම ජගුල්ල හංදියට එන්න පුළුවන් එතනින් වම් පැත්තට තියෙන පාරේ තව 2.5km විතර ගියාම බෝගොඩ විහාරයට ලඟා වෙන්න පුළුවන් (මාර්ගය ගැන මේ විදිහට ටිකක් විස්තර ඇතිව කියන්න හේතු උනේ ගොඩක් අය මාර්ගය හරියටම දන්නෙ නැති නිසා). ගල්ලන්ද කියන ඔය උඩින් තමයි බෝගොඩ පාලම ඉදි කරල තියෙන්නේ.
පාලම නිර්මාණය කරන්න ගස් වර්ග 5ක ලී යොදාගෙන තියෙනවා. ඒ තමයි කොස්, කුඹුක්, කළුවර, මිල්ල, මිල් කියන ගස් වර්ග. අඩි 30ක් විතර උස කුඹුක් කඳක් උඩ තමයි පාලම ඉදි කරල තියෙන්නෙ. පාලම ඉදි කිරීමට ප්‍රධනම හේතුව වෙලා තියෙන්නෙ බදුල්ලෙ ඉඳන් මහනුවරට යන්න තියෙන කෙටිම මාර්ගය මේක වීම.බෝගොඩ පාලමේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි උලු වලින් හදල තියෙන වහලය. මේ වහලය හදල තියෙන්නේ සෙවන සඳහාත්, වැස්ස වගේ උවදුරු වලින් ආරක්ෂා වෙන්නත්.

පාලම ඉදි කිරීම එක්ක විවිධ ජනකථා බැඳී තිබෙනව. පාලම ඉදි කිරීම සිදු කරල තියෙන්නේ එක්තරා පියෙක් හා පුතෙක්. පුතාට පාලමේ අවසන් වැඩකොටසක් කරල එතනටම වෙලා ඉන්න කියල තාත්තා වෙන වැඩකට ගිහින් තියෙනව. හැබැයි පාලමේ චාරිත්‍ර වලට අනුව කළයුතු අවසන් වැඩකොටසකුත් තිබිල තියෙනවා. ඉතින් ඒ වැඩටික පුතාට කරන්න එපා කියලයි තාත්තා පිටවෙලා ගිහින් තියෙන්නේ මොකද පුතාට ඒ චාරිත්‍ර ගැන වැඩි දැනීමක් නැතිනිසා.ඒත් පුතාට පාලමේ වැඩනිම කරන්නට තිබුනු හදිසිය නිසා අර තාත්තා එපා කියල ගිය වැඩකොටසත් නිම කරල ඉදිරියට ගිහින් තියෙනවා පියාව මුණගැහෙන්න. ඒත් චාරිත්‍ර වලට අනුව පාලම නිම කරන්න නොහැකි වීම නිසා පුතාට ශාපයක් වැදිල අකාලයේ මිය ගිහින් තියෙනවා.
බෝගොඩ විහාරයේ බුදුමැදුර ගොඩනඟල තියෙන්නෙත් වහලය විදිහට ගල් පර්වතය යොදාගෙන.

බුදුමැදුරත් එක්කම දකුණු පසින් ගුහාවක් දකින්න පුළුවන් මේ ගුහාව ඌවේ ප්‍රාදේශීය පාලකයකු වෙච්ච බ්‍රහ්මදත්ත කියන නරපතියා විසින් වළගම්බා රජතුමාට පිළිගන්වල තියෙනවා. වළගම්බා රජතුමා ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් මිදිල අවුරුදු 2.5 ක් විතර මේ ගල් ගුහාවේ සැඟවී ඉඳල තියෙනව. ගල් ගුහාවත් එක්කම උමඟක් දකින්නට පුළුවන්. ඔය උමඟ දිගේ දෝව රජමහ විහාරයටත්, නාරංගල කන්දටත් , රුවන්වැල්ලටත් යන්න පුළුවන් බවයි දැනගන්න ලැබුනේ. දැනටත් මේ උමඟ විවෘතව තිබුනත් වවුලන් නිසාත්, අඳුර සහ දුගඳ නිසාත් මීටර කීපයකට වඩා ඉදිරියට යන්න බැරි බවයි බදුලු පුත්‍රයට දැන ගන්න ලැබුනෙ.උමඟ දිගේ ටිකක් ගිහින් බලන්න හිතේ ඇතිවුන ආශාව බදුලුපුත්‍රයට අතාරින්න සිද්දවුනේ තනියම බෝගොඩ බලන්න ආපු නිසා (පුංචි බයක් ඇතිවුනා කිවුවොත් ඇත්තටම හරි)

බෝගොඩට යන්න තියෙන මාර්ගයත් බොහොම ලස්සන එකක්. තැන් කීපයකම පාර ලඟම දියපාරවල් දකින්න පුළුවන්.
බෝගොඩ බලන්න යනවනම් ඒ දියපාරක් ලඟ නැවතිල සිසිල විඳල යන්න අමතක කරන්න එපා.
බදුලු පුත්‍රයා අලුත් ලිපියක් දාලා තියෙන්නෙ...
ReplyDeleteහොඳයි හොඳයි....
මමත් ආසයි ඔය උමං වගේ තැන්වල ඇවිදින්න... බදුලු පුත්‍රයා ඉන්න අහත් ඔය වගේ උමං තියෙනවද? ඇහැකිනම් මාවත් එක්ක යන්නකෝ .....
සිරා...!!!
ReplyDeleteබොහෝම ස්තුතීයී අපිත් එක්ක මෙවා බෙදා හදා ගන්නවට....
@හරි: බදුලුපුත්‍රය ඉන්නෙනම් උමඟක් ඇතුලක නෙමෙයි. :D හැබැයි බදුල්ලෙ ආවොත් ඇවිදින්න උම්ඟක් නම් හොයාගන්න පුළුවන්
ReplyDelete@Janaka: ගොඩාක් ස්තූතියි කියවල පොඩි comment එකක් දාලා යනවට
maxa.. gihin balala tibbata, oya wisthara denagena hitiye ne nowa
ReplyDeleteඇති යන්තම් බදුලු පුත්‍රයා comment වලට reply කරනවා.
ReplyDeleteමම බදුල්ලෙ ආපු වෙලාවක එන්නම්කො පුත්‍රයාවත් බලලා යන්න....
word verification එක disable කරන්න පුලුවන්ද සහෝ.... ඒක නිසා comment කරන්න කරදරයි......
වැදගත් ලිපියක්, දන්නෙ නැති විස්තර ගොඩක් දැනගත්ත. බොහොම ස්තූතියි...
ReplyDeleteගොඩාක් ස්තූතියි commentවලට
ReplyDeleteAgaya karanna oni wadak... Jayawewa...!! Dawasaka hamuwemu badulu puthraya...!!
ReplyDelete