Pages

 

Wednesday, August 25, 2010

ප්‍රේමකථා අතර අප්‍රකට පෙම් කථාවක් රැගත් දුංහිඳ



බදුලු පුත්‍රයා ආරම්භයේදිම කිවුවනෙ බදුල්ලෙ වැදගත් තැන් ගැන කරුණු කියනව කියල. මුලින්ම කියන්න යන්නෙ බදුල්ලෙ තියන ගොඩක් සුන්දර ස්ථානයක් ගැන ඒ තමයි දුංහිඳ දියඇල්ල. බදුලු ඔයෙන් නිර්මානය වන මේ සුන්දර දිය ඇල්ලට දුංහිඳ කියන්නෙත් විශේෂිත හේතුවක් නිසා. බදුලු ඔය දුංහිඳ කඳු මුදුනෙ ඉදන් පහලට වැටෙද්දි වතුර වළාකුලු ස්වභාවයක් ගන්නවා ඉතින් මෙන්න මේවට දුම් කියල කියපු නිසා දිය ඇල්ල දුංහිඳ වුනා කියලයි විශ්වාස කරන්නෙ.
දුංහිඳ ඇල්ලට යන්න නම් 5Kmක් විතර බදුල්ල town එකේ ඉඳන් නුවර පාරෙ යන්න ඕනෙ. 1Km ක විතර පයින් යන්න ගමනකුත් තියෙනව ඒ ගමනත් බොහොම සුන්දර එකක්. ඒ ගමනේදී තව පොඩි දියඇල්ලක් දකින්න පුලුවන් ඒකට කියන්නෙ පුංචි දුංහිඳ කියල.

මෙන්න මේ සුන්දර දුංහිඳ දියඇල්ලත් එක්ක බැඳී පවතිනව විවිධ ජනශ්‍රැති. ඒ අතර ප්‍රේම කතා එහෙමත් තියෙනව. ඔය ගම්පොළ රාජධානිය පැවති කාලයේ රාජ කුමාරිකාවක් ඉඳල තියෙනව මාම්පිටිය අනුහස් මැණික් බණ්ඩාර කියල ඔය කුමාරිකාව කහපෙතිය ආරච්චිබණ්ඩාර කියන සාමාන්‍ය වැසියෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වල තියෙනව. මේකට රජතුමා තදින්ම විරුද්ද වුනු නිසා කුමාරිකාව මාළිගාවෙන් පැනල යනව එයාගෙ පෙම්වතා එක්ක.ඉතින් ඔහොම පැනල යද්දි ඒ දෙන්න ඇවිත් තියෙනව කොස්ගොල්ල කියන පැත්තට. ඔය ප්‍රදේෂයෙ විශාල වශයෙන් ගල් වලින් තමයි නිර්මානය වෙලා තියෙන්නෙ. ඉතින් මෙහෙම තිබ්බ විශාල ගල් පර්වතයක් උඩට මේ දෙන්න අමාරුවෙන් ගොඩවෙල කවදාවත් වෙන් නොවෙන්න දිවුරුම් දීල තියෙනව. එහෙම කරල ඒ දෙන්න මේ ගල් පර්වතයෙන් පහලට පැනල සියදිවි නසාගෙන තියෙනව. එදාම රෑ මහා කුණාටුවක් ඇවිත් ඔය පළාතම ගසාගෙන ගිහින් තියෙනවා.එදා ඔය මහා කුණාටුවත් එක්ක මැණික් බණ්ඩාර කුමරිය හඬන ශබ්දය ඇසුන කියලයි ගම්මු කියන්නෙ. අදටත් දුංහිඳ ඇල්ල පිසගෙන හමාගෙන එන තද සුළඟ සැඩ වුනාම කුමරිය හඬන ශබ්දයලු ඇහෙන්නෙ.

ප්‍රේමකථා විතරක් නෙමෙයි දුංහිඳ එක්ක තව බොහොම අපූරු කථාවක් බැඳී තියෙනව. කුමාරසිංහ කියන ඌවෙ හිටපු කුමාරයෙකුට අදාල නිදානයක් දුංහිඳ කොහෙ හෝ සඟවා තියෙනව කියල විශ්වාසයක් තියෙනව. ඒ වගෙම තමයි රත්තරන් තෝඩු තියෙන මාලුවෙක් මේ නිදානය ආරක්ෂා කරමින් ඉන්නවලු. ඔය මාලුව අවුරුද්දකට සැරයක් උඩට මතුවෙනව කියලත් කියනව. කොහොම වුනත් ඔය නිදානය ආරක්ෂා කරන දුංහිඳ, අවුරුද්දකට සැරයක් මිනිස් බිල්ලක් ගන්නවලු.
ඉතින් දුංහිඳ බලන්න යන ඔයාලා මේ කතා අහල නිදානය හරි අර මාලුවව හරි හොයන්න වතුරට නම් බහින්න එපා කියලයි බදුලු පුත්‍රයට කියන්න තියෙන්නෙ. මොකද කොහොමත් දුංහිඳ වතුර වැටෙන තැන ඉතාමත් ගැඹුරුයි.ඒකනිසා එතන නාන්න කරන්න යන්න නම් එපා. ඒත් එක්කම මැණික් බණ්ඩාර කුමරිය හඬන ශබ්දය ඔයාලටත් ඇහෙනවද කියල බලන්න අමතක කරන්න එපා..........

Tuesday, August 24, 2010

බදුල්ල.. නම උපන්හැටි

මුලින්ම බදුල්ල ගැන කතා කරද්දි නමින්ම පටන් ගන්න එක හොඳයි කියල බදුලු පුත්‍රයට හිතුන.ඇත්තටම බදුල්ලට කොහොමද මේ නම ලැබුනෙ? මේ ගැන පුරාවෘත ගණනාවක්ම තිබුනත් වඩාත්ම පිළිගන්න පුලුවන් එකක් තමයි බදුල්ල කියන ගස් වර්ගයක් මේ ප්‍රදේෂයේ බහුලව තිබුනු නිසා බදුල්ල කියන නම ලැබුන කියන එක. තවත් ජනශ්‍රැතියකින් කියවෙන්නේ මේ බදුල්ල කියන ගස් වර්ගය අති විශාල වශයෙන් ප්‍රදේෂය පුරාම පැතිරිලා ඈතට වදුලක් වගේ දිස් උනාලු. ඉතින් මේකට වදුල වදුල කියල පසුකාලීනව වදුල, බදුල්ල උනාලු.
ඒ කොහොම උනත් අද වනවිට මේ බදුල්ල ගස් වැඩිය දක්නට ලැබෙන්නෙ නෑ.

Monday, August 23, 2010

බදුලු පුත්‍රයාගේ බ්ලොග්කරනය

බදුල්ල.......trip එකක් යන්න හැමෝම වගේ තෝරගන්න ප්‍රදේශයක්. ඉතින් එහෙම පළාතක බලන්න තියෙන දේවල් මොනාද? ඇයි ඒවා වැදගත් වෙන්නේ වගේ දේවල් කියන එක තමයි මේ බ්ලොග් එකේ ප්‍රධාන අරමුණ.
බදුලු පුත්‍රයා තොරතුරු තාක්ෂ්ණය ගැන දන්න දේවල්, තොරතුරු තාක්ෂණයට සම්බන්ධ අලුත් news එහෙම සිංහලෙන් ඉදිරිපත් කරන එකත් තව අරමුණක්.
කෙටියෙන්ම කිවුවොත් මේ බ්ලොග් එකේ post කරන දේවල් විශේෂිත දේකට සීමාවෙලා නෑ.ඉතින් මේකෙ posts මොනද කියල දැනගන්න රැඳී ඉන්න බදුලු පුත්‍රයා එක්ක.